Friday, November 4, 2011

සඳැස කවි පිටුවේ ඇතිවූ කවි සංවාදයකි



‎.
අතීතය සහ වර්තමානය
 හෙලේ විරුවන් ලෙයෙහි අනුහස රැඳුණු මේ පින් බිම පුරා
සොරාගෙන නොරටට යවන්නට තේ ලදැල්ලක සඟවලා
මුලින් සිඳ කය ඉරා දැමු , කඳු මුදුන් වල හුන් රජවෙලා
වනස්පතියන් ප්‍රකම්පන වැද මේගයන් රට හැර ගියා

කලට වැසි දිය පොදක් නොලදින් බෝ සතුන් යන වඳවෙලා
රකිනයුරු අපහට කියන්නට ගම්දොරට එන සැරසිලා
දයා කරුණා ගුණෙන් ඉතිරෙන සුදු මහත්තැන් සනසලා
"කුරුලු පාළුව" කපා ඒ මත වේදිකාවල් ඉදිවෙලා
                                                                     (නුවන් තොටවත්ත)

* කුරුලු පාළුව - පැරැන්නන් කුඹුරු කැපීමේදී කුරුල්ලන්ගේ ආහාරය උදෙසා අස්වනු නොනෙලා ඉතිරි කරන ලද ඉඩම් කොටස


Gayan Perera ‎.
වර්තමානය________________ .
ඉන්නට දුම්බරට ජය කොඩි පිට රටට
වි කු ණන් කන්න රට එක්වි මේසයට
ජාතිය වි කු ණ නා සහොදර ප්‍රේමයට
පසු පිට නැග නය අප දේගු නයට. . .


Heshan Kohilawaththa ‎*
සුදු මහත්තැන් කට්ට කාලා ගත්තා මේ ජාලය සොයා
එහෙම නැත්තම් අපිත් තැන තැන ඉඳී තනියෙන් කවි ලියා
කලු මහත්තැන් එදා ඉඳලම උඩ බලාගෙන හුන් නියා
මහා වංශය කියවා කියවා ඔහේ වළපල්ලට ගියා.....

Nuwan Thotawaththa ‎.
සියල් දේ රටකින් සොරාගෙන ගියත් යලි ආ යුතු නියා
සුරා පොදකට සිනිදු සමකට රටක් උව උකසට තියා
නිදි වදින්නට කැමැති වුන් මොන රටෙත් අඩුවක් නැති නිසා
උන් රකින්නට නපුන්සක පරපුරක් මෙහි ඇතිකර ගියා

Nuwan Thotawaththa ‎.
ශට් බසක් දැන කවිය පොබකල දන නමා නමදින නිති
රහල් හිමියන් කවි කලෙත් මේ ජාලයෙ හිඳ වෙන්නැති
මෙය නොවෙන්නට රට දමා ගිය අයව කවුරුත් දන්නැති
එය තනා දුන් සුදු මහත්තුරු සදා නමදිමු පින් ඇති...

Heshan Kohilawaththa ‎*
බිඳුණු ගල් කණු තුරුළු කරගෙන නැලවි නැලවී තොටිල්ලේ
ලෙයින් සේදී මළ බැඳී ගිය කඩු ගසාගෙන කිහිල්ලේ
මහා කලු සිංහලයො වෙන්නට හීන දකිනා ඇසිල්ලේ
උන්ගෙ පොඩි වුන් එල්ලුණා රට එළදෙනුන් කිරි බුරුල්ලේ......!

Nuwan Thotawaththa ‎.
කඩුවකට නොසිඳුන නිසා ගෙල නැගුන කැප්පෙටිපොල මතින්
උන්ට නැති දේ එතුල වූයෙන් රැගෙන ගොස් උන් සතු ලෙසින්
කටුව පමනකි නැවත එවිවේ ඉතිරියත් ගෙන අප වෙතින්
එතුල වූ දේ කොහේ හරි ඇති සොයා සවිකර ගනු ඉතින් ....

Heshan Kohilawaththa ‎*
අන්ත පරගැති පරම හිත් ඇති "හෙළ බොදුන්" අපි වෙමු කියා
එල්ල කර ගති උණ්ඩ තම වෙත ලජ්ජාව පැත්තක තියා
උන්ට ණය නැති දහක් දේ ඇති ජාතියක් වෙමු කිය කියා
"කන්ට අඳිනට දෙන්ට පිටරට" යැයි සිඟා පසුපස ගියා

Nuwan Thotawaththa ‎.
පන්සිය වසරක් සතු සියලුම දෙය සොරාගතින් පරපූරක් නසා
බැලමෙහෙවර කර මුදල් එවති අකුරට යන දරුවන් සිටින නිසා
එයින් උගෙන පිටරට වැජබෙන විලිබිය නැති පරපුරක් නිසා
තවමත් මවුවරු යායුතු පිටරට තම දරුවන් හට අහර සොයා ......

Heshan Kohilawaththa ‎.
ජාත්‍යන්තර පාසලේ දොර ඇරෙන තුරු හෙළ බොදු ළමයි
මමී බැද දුන් කුකුල් මස් රස බෝල එක දෙක ගිල දමයි
තවත් ණන දෙන රටක් වේදැයි රජතුමා සිතියමෙ සොයයි
රාවණා පරපුරේ වැඩ කිඩ හෙනම ආතල් ෆන් තමයි......!
Nuwan Thotawaththa ‎.
ලැබෙන නිසා ඩොලරය කොඳු නැති ලෙස සීටිනා නොරටට සිරස නමා
නුඹ අප අමතන බස පවසන්නේ උන් නුඹ අමතන අයුරු තමා
අ ආ ඇ ඈ ඉවතට විසිකර ලෝකය ජයගත් බස් වහර දමා
අකුරු විසිහයෙන් සඳැසක් නොලියන හේතුව අපහට කියනු මැනා

Heshan Kohilawaththa ‎.
පරගැති මහගති පර යැයි කියමින් රටේ වෙදාලා උපදින්නයි
හිටගති ඉඳගති චැනල්ම දාහයි ලෙඩාට දෙයියන්ගෙම පිහිටයි
රටේ සල්ලියෙන් උගත මනා සිල්පය ගෙන අපටම කෙලවන්නයි
මේ අපි වාගෙම ඒකත් හින්ගල ඩොලර්ද රුපියල් වෙනස කිමැයි

Nuwan Thotawaththa ‎.
පිනට උගෙන ගත් සහතිකයේ මිල ගෙවනෙමු අපි ඉඳ රට අස්සේ
ණය වුනු රුපියල් කීපය දෙනවද කතා කරමු අපි ඉන් පස්සේ
රටෙන් සොරාගෙන ණයකරුවන් වී සැනහෙන උන් සුලුදිය වැස්සේ
ගැත්තන් මිස රාවණ රජු මෙබිමට ආඩමස්සක් නයවී නැත්තේ ....

Nuwan Thotawaththa ‎.
පිටරටකින් එන වෙදැදුරු සරණින් මෙලොව එලිය ලද පිරිස් නිසා
මෙරටෙහි ජනගහනය වැඩිවේමැයි පිලිගමි අද නුඹ කියන නිසා
කිසිඳු වෙදෙක් රෝහල් තුල නොමවෙති දැල් බැඳ ඇත දොර කවුලු වසා
දුප්පත් මිනිසුන් නොමැරී ඉන්නේ ඉතාලියේ පරිඝනක නිසා...

Janaranga Wijaindu Dewasurendra 
දුටුවෙමි අරුම සටනක් මෙහි ලියැවුණු හෙල බසින් අගී
පැතුවෙමි තව වරක් එයිද ගැටෙන්ට මෙම කරුන වගී
බැරිවුණි එන්ට පෙර මෙය විසඳන්ට ගයා හෙළ රණ ගී
නැත්තෙමි වදන් පවසන්නට අපේ හෙළරටේ සුර ගී

Heshan Kohilawaththa ‎*
රණ ගී ගයා රටේම උන් හට කෙළින
සික පද කියා ලේ මුසු කිරිබත බුදින
හෙළ හෙළ "එළ"කියා ඔළමොළ කම් කරන
ඇසූ පිරූ තැන් ඇත්තෙක් ඇත පැමිණ .....P

Nuwan Thotawaththa ‎.
පුස්කොල පොතක පෙර රැඳි බස් වහර දමා
මොන මොන තැනෙක ලියුවත් කවි කවිම තමා
එම කවිකමම මුදලට විකුනුයේ තමා
පුස්කොල පොතින් ගිනි තැපි සුද්දන්ට තමා

Janaranga Wijaindu Dewasurendra
රණ ගී සැපයි බයිලා රසයට දිවිදුන් කළු සුද්දන් අතරේ
සික පද කියා ගරනා මුදලට වත් වෙද සැප මරැ කතරේ
හෙළකම සැපයි දකිනා විට යටවී ඇති උන් අතරේ
වැද්දන් වගේ උන් නදදේ මරු විකලෙන් මේ සසරේ

Sudeepa Mihiri ‎.
නිවට කමට නොදෙවෙනි පරගැතිකම නිසා අපේ අය දණින් වැටී
තමන් උපන් රට මෙලෙසින් සුද්දන් පාමුල උගසට තබන හැටී
දෙස බස වනසා වැදූ මවත් අමතක කර ‘පොෂ්’ වී සිටින හැටී
මව් රට ගුණ වයනා වෙණ ඇසුනත් බීරි අලින් මෙන් මොවුන් සිටී

Bhante Dhamma ‎*
ගලන වාදෙ අපූරුයිනෙ විලසට බැස යන නදී
හලන නාදෙ දු‍ටුවෙමි සාහිතපොත්වලටම ‍රැදී
කලණ සාදෙ මැදට ඇවිත් රණවිරුනට කවි බදී
චලන පාදෙ සොලවන්නට මට කවියනි ඉඩ මදී

Aruna Wanniarachchi ‎.
දුටිමි දකිමි ලක වැනසෙනු හද කකියයි ලෙය රිදී
රකිනු රකිනු ලක හැමදින හෙල වැසියනි ළය දිදී
කියමු ලියමු තව තව හැකි පමණින් තවමත් මදී
මකමු මකමු පරගැතිකම සිරිලක වැනසෙනු නොදී.
.
Suranga Lakmal කවට කවක් නැත මෙහෙම කවක් නැත කවියට ලියුපිළි කවි වාගේ
සිතේ උපන් නව අදහස් එකිනෙක ලියූ අයුරු නම් බොහොම අගේ
රටේ උගත් අපෙ රටේ මහත්තුරු පර රට ගොස් මේ කරන රඟේ
නොකානොබී උපයාගත් සත ටික ගරාගනිති උන් නැතිව සඟේ

Janaranga Wijaindu Dewasurendra
මරබිය නැතිව සටනට බැස එදා වීර හෙළ දරුවෝ
එමබිය මැකුණි යලි එලෙසින් මුදා රටම ඒ විරුවෝ
සැකබිය නැතුව හෙළකම අපි සිතේ සවිය තර කෙරුවෝ
විලිබිය අහිමි පිංගුත්තර හෙළයන් වෙද මේ දරුවෝ

Nuwan Thotawaththa ‎.
වැදූ මවක් මව් බිමක් නැතොත් පමනකිය සොරුන් අගයනු හැක්කේ
හිතෙන් රටේ නැති කිසිවෙක් මෙරටට හිමි යැයි අප නොසිතිය යුත්තේ
සහතික ලැබුනද බුද්ධිය ලද යුතු අය හට මෙය පැවසිය යුත්තේ
අපෙන් සොරාගත් මැණිකකි ඇත්තේ ඔබෙ මහ රැජිනගෙ හිස මත්තේ

Muditha Wanniarachchi
අප රට තුල අතිතයෙ තිබු මෙවලම් සුද්දන් රට තවමත් නැතී
ඒ තිබු මෙවලම් සමගින් අපෙ අය සිහගිරි මුදුනට දිය ගතී
පසු කල මෙහි සිටි පරගැතියන් ගෙන් සුද්දන් මේ රට බිලි ගතී
දැන් නැවතත් රට මුදවනු රිසියෙන් එක් සිත් ඇතිවී යමු නිතී ..

Heshan Kohilawaththa ‎*
පීන පුරාතණයන් කළ දේ අත ගෑම මිසක් අද ලෝකේ
පේන නවීන නිපැත්ම ලෙසින් කවරක් නිපයූවද මොහුහු
..........................
.........පණ්ඩිතයෝ අප වම්හයි
මූණ පුරා ඔබගේ දැළි ගෑමට අම්මෙණි මෙන්න හපන්නු
කියුම පෙනුම හෙට බුදුවෙන බෝසත්තු
කෙරුම හරිය හරියට අර දෙව්දත්තු
මෙහෙම දෙපිට වෙස් මුහුණක් බැඳගත්තු
අයම තමයි අද ලක්මවගේ පුත්තු (මහින්ද හිමි)

Nuwan Thotawaththa.
පොරණ විසූ කවියෙක් කල කවියක් උපුටා ගෙන ඵලකරමින්නේ
පෙර වුන් කල දේ අගයන වුන් හට කෙලෙසද කිවමැන දෙස් දෙන්නේ
නව ලෝකය ගොඩ නගන්න කලියෙන් එක නව කවියක් ලියපන්නේ
මවු බිම මත පිය නැගියැකි අයටයි ජාතික තොටිල්ල ගැලපෙන්නේ

Sudeepa Mihiri ‎.
ගඟෙන්ම දිය බී මුහුදට ආවඩනා මිනිසුන් මේ සිටින දෙසේ
පලක් වෙද තවත් කීවත් කවිකර මෙවදන් මෙදනන් හට නොඇසේ
නිගරු වදන් කියමින් ගරහන සඳ ලක්මව මෙය ඉවසනු කෙලෙසේ
මෙවැනි දනන් තම මවුටත් දිනයක මෙලෙසම ගරහයි කියමි මෙසේ

Hemadasa Liyanage ‎@Sudeepa Mihiri .
කවියේ රසයෙ නම ඔබෙ නම වෙන හින්දා
අපටත් කවි ලියන්නට බැරිවෙද මන්දා.

Heshan Kohilawaththa ‎.
දීපේ රුව ගුණ දෙසන සුදීපා නොරට හිටන් රට කරවන ඈපා
රූපේ නිලවන දිය කඳ තෝපා ගම යට කරවාවිද ගෙන කෝපා
කන්නට බැරිකබරයි ගොයි වෙන්ටයි - එපා වුණොත් හං ගෙන සැතපෙන්ටයි
සෙල්ලම් ලෙල්ලම් වෙන දින එන්ටයි - කොයි කාටත් තම හෙළුව පෙනෙන්ටයි

Heshan Kohilawaththa ‎.
වැයුම් වයද්දී අලියන් හට බීරී
කවි හදවතේ රිදුමක් විය මස හීරී
කිවිඳ! සඳැස රක්නා මුදු හද පෑරී
සුදීපාගෙ නම විතරෝමද මීරී?????

Nayomi Sirinali Nawarathne ‎...
කවි කමි කරන හදවත් මුදු මෙළෙක් බව
රිවි කිරණක් ලෙසට ඔද තෙද බලැති බව
සවි ඇති රුකක් සේ සිත මහ මෙරක් බව
ලිවි කවියෙන්ම මට නම් වැටහුණා තව

හැම නමකින්ම අමුතුම මිහිරක් කියවේ
සමහර නම් වලින් ඔහු ඇය ගැන කියවේ
නම පවතීවී ගත මිය ගිය විට දියවේ
සම සම ලෙසට දිනුවොත් සඳසෙහි ලියවේ

Bhante Dhamma ‎*
අලන්කාරයි හැඩයි මේ කවි අපූරුයි පද තිබෙන ලස්සන
කවියෙ හපනුන් ලෙසට වැටහෙයි අන්දමින් කවි ගිගිරි ගස්සන
මටත් ආසිරි, මගෙත් ආසිරි කවියො හැමටම රසය වස්සන්
වාසනාවන් වාසනාවන් කළණ මිතුරනි ඔබේ දස්සන.

Sudeepa Mihiri ‎.
නිගා කරන’යුරු දැක ලක් මව් හට ලිව්වත් කවි හදවත පෑරී
පලක් නොවන වග දැනෙයි තවත් මේ කවි ලිවවට නුඹ හට බීරී
කොතැන ගියත් ලොව කිසිම තැනක නැත මෙවන් රටක් මට නම් සුපිරී
සුදීපගේ නම මිහිරි උනත් නොවුනත් සකි නුඹ හට නැත කාරී...

.

රන් සළු උනා රන් වන් රූ රැසින දිසී
සුහුඹුල් සුකුරු යොවුනන් කළඹවා ඉසී
දැන් දැන් එළඹ මධු යහනට කරයි වසී
රන් තුණු විලම මට මිස කාටද දිගැසී
 තුනු විල තුළින් කිමිදෙන සඳ සුකුරු කෙමි
රතදර උරන හිමිසඳ හිස පිරිමදිමි
සසඟෙහි යෙදී අවසන හිමි වෙතට නැමී
නිති පොබයන හසඟන මත රඳව ගමි .

ලිබියාව


බැන්කී මූනුයි බරක් ඔබාමයි
තෙල් ගෙන යන්නට එන ළිඳ මේකයි
වැරදිලා හරි තෙල් මතුවුණොතින් මෙහි
අපිටත් දවසක වෙන්නේ ඕකයි .....!

වන්දනා

කැලණි විහාරය ළඟ නෙක ළඳුන් වෙතී
සැදැහැවතුන් සොය සොය ඇඟ මස පුදතී
තැලී පෙළී ගිලිහෙයි තන කැකුළු පෙති
කැලණි ගඟේ කොන්ඩම් මල් පාව එතී .

බ්ලූමැන්ඩල්

බ්ලූමැන්ඩල් කුණු කඳු පාමුල නැමද
පුංචි එවුන් කඳු බඳ විමසයි නිබඳ
අත පය නැති බෝනික්කෙක් දකින සඳ
කුණු ගඳ වෙනුවට සුවඳින් පිරෙයි හද .